විශේෂ පොලිස් මෙහෙයුමෙන් සතියක් තුළ පාතාල අපරාධකරුවෝ 51 දැලේ

73

පාතාල අපරාධ කල්ලි මර්දනය සඳහා පත්කළ විශේෂ පොලිස් ඒකක 20 මගින් සිදුකළ මෙහෙයුම්වලදී සතියක කාලසීමාවක් තුළ ප්‍රධාන පෙළේ පාතාල කල්ලිවලට සම්බන්ධ අපරාධකරුවන් 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම මගින් පෙරේදා (24දා) පමණක් සිදුකළ වැටලීම්වලින් බස්නාහිර සහ දකුණු පළාතේ පාතාල කල්ලි සාමාජිකයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ පාතාල මර්දන ප්‍රහාරක ඒකක 20 මගින් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමත් සමගම ප්‍රධාන පෙළේ පාතාල කල්ලි වලට සම්බන්ධ අපරාධකරුවන් ප්‍රදේශ අතහැර පලාගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මෙම මෙහෙයුම් පාතාල කල්ලි මර්දනය කරන තුරු දිගටම ක්‍රියාත්මක කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඉකුත් 19 වැනිදා සිට මෙම විශේෂ පොලිස් ප්‍රහාරක ඒකක 20 වැටලීම් ආරම්භ කර තිබිණි.|

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment