බලශක්ති නිෂ්පාදනය පහතට

208

මෙරට සමස්ත බලශක්ති නිෂ්පාදනය ඉකුත් වසරේ (2023) පළමු මාස අටේ දී ගිගාවොට් පැය 10,341 දක්වා සියයට 4.5කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

2022 වර්ෂයේ පළමු මාස අටේ දී මෙරට සමස්ත බලශක්ති නිෂ්පාදනය ගිගාවොට් පැය 10,832 කි. එයට සාපේක්ෂව 2023 වසරේ පළමු මාස අටේ දී බලශක්ති නිෂ්පාදනය සියයට 4.5කින් පහත වැටී තිබුණි.

ඉන්ධන හා අමුද්‍රව්‍ය හිඟකම මෙන්ම කර්මාන්ත අංශයේ ක්‍රියාකාරකම්වල පසුබැස්ම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබූ බව මෙකී වාර්තාවේ සඳහන් වේ. 2022 වර්ෂයේ පළමු මාස අටේ දී කර්මාන්ත අංශය සඳහා අලෙවි කළ විදුලි ඒකක සංඛ්‍යාව ගිගාවොට් පැය 2,957කි.

එයට සාපේක්ෂව 2023 වර්ෂයේ මෙම කාල සීමාවේදී කර්මාන්ත අංශය සඳහා අලෙවි කළ විදුලි ඒකක සංඛ්‍යාව ගිගාවොට් පැය 2.825 දක්වා සියයට 4.5කින් පහත වැටී තිබුණි. කෙසේ වුවද තාප ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කිරීමේ දී සියයට 52.7ක් සහ සුළං මගින් විදුලිය උත්පාදනයේ දී සියයට 13.9ක වැඩි වීමක් ඉකුත් වර්ෂයේ මුල් මාස අටේදී වාර්තා වී ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment