සමන් දෙවියන්ට වූ බාරයත් ආණ්ඩුව කඩකළා

275
  • විදුලිබල පොදු සේවක සංගමය

ලක්‍ෂපාන බලාගාරය ඉදිකරන විට සිරිපා අඩවියට විදුලි කප්පාදුවක් නොකරන බවට විදුලිබල මණ්ඩලය සුමන සමන් දෙවියන්ට වූ බාරය ද වත්මන් ආණ්ඩුව කඩකර ඇතැයි විදුලි පොදු සේවක සංගමයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

විදුලි කප්පාදු කරන වකවානුවල ශී‍්‍රපාද අඩවිය ප‍්‍රදේශයට ද විදුලිය විසන්ධි කිරීම නිසා සැදැහැවතුන් මහත් අපහසුතාවයෙන් කළුවරේම සිරිපා කරුණා කරන බව ද ජයලාල් මහතා කීවේය.

විදුලි කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදීම සිදුකළත්, ජාතික අවශ්‍යතා හා ප‍්‍රමුඛතාවය දී විදුලිය අඛණ්ඩව ලබාදිය යුතු ස්ථාන හඳුනා නොගැනීම නිසා මෙවැනි තත්ත්වයන් ඇති වී තිබෙන බව ද ජයලාල් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment