චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5000 ක්

96

චීන ජනතාවගේ මිත්‍රත්වයේ තවත් එක් සලකුණක් ලෙස චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් 5000 ක් මෙරට රජය වෙත නිල වශයෙන් ලබාදීම පෙරේදා (08දා) සිදුවිය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙත ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම සහල් තොගය ලබාදීම චීන තානාපති කී සෙන්හොංග් මහතා ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිය.

සිසුන් දසලක්‍ෂයකට ආසන්න පිරිසකට ආහාර වැඩසටහන යටතේ මෙම සහල් ආධාර ලබාදෙයි. තෝරාගත් පාසල් 7925ක ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් සියයට හැත්තඅටක ප්‍රමාණයක් ආවරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment