රාජ්‍ය ආයතන 18ක පාඩුව බිලියන 958 පනී

392

රාජ්‍ය ව්‍යවසාය 18ක් ඉකුත් වර්ෂයේ දී (2022) රුපියල් බිලියන 958.7 ක පාඩුවක් ලබා ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. මෙම ආයතන පාඩු ලැබීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ භාණ්ඩ හා සේවා සඳහා නිවැරදි මිලකරණයක් නොමැති වීම, මෙහෙයුම් අකාර්යක්ෂමතා, අධික සේවක සංඛ්‍යාවක් සහිත වීම, ඇතුළු දුර්වල මානව සම්පත් කළමනාකරණය, දුර්වල පාලන හා කළමනාකරණය බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

එමෙන්ම මෙකී කැපී පෙනෙන පාඩුව සඳහා ප්‍රධානතම හේතුවී ඇත්තේ ඉකුත් වර්ෂයේ දී රුපියල අවප්‍රමාණය වීම මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතනවල ඇතිවූ විනිමය අලාභය බවට හඳුනා ගෙන තිබේ. ඉකුත් වර්ෂයේදී ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රාජ්‍ය ආයතනවල කාර්යසාධනය දුර්වල වී තිබුණි.

මෙකී රාජ්‍ය ආයතනවල පවතින මෙම මූල්‍ය දුර්වලතා විශේෂයෙන්ම බැංකු ක්ෂේත්‍රය ඇතුළු සමස්ත ආර්ථිකය කෙරෙහිම දැඩි බලපෑමක් ඇති වීමට හේතු වී ඇති බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment