ගාසා තීරයේ සටන් විරාමයෙන් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

121

ගාසා තීරයේ ක්‍රියාත්මක සටන් විරාමය යටතේ හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් මුදාහැර තිබේ.

එසේ මුදාහල පිරිස අතර ඊශ්‍රායල ජාතිකයන් 13 දෙනකු සහ තායිලන්ත ජාතිකයන් සිව්දෙනකු, අයර්ලන්ත ජාතිකයෙක් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් පිරිස රතු කුරුස සංවිධානය වෙත භාරදීමෙන් අනතුරුව ඔවුන් විසින් අදාළ පිරිස ඊශ්‍රායලය වෙත භාර දී ඇත.

ඊශ්‍රායලය ද සිය භාරයේ සිටින පලස්තීන ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ඇතැයි වාර්තා වේ.

ඉකුත් 24 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය ආරම්භ විය. එය දින හතරක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment