අධික වර්ෂාවෙන් ඩුබායි නගරය යට වේ

916

කාන්තාර සහිත අරාබි රාජ්‍යයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇදහැළුණු දරුණු කුණාටුවක් සහිත ධාරානිපාත වර්ෂාව හා ඉන්පසු ඇති වූ ජලගැලීම් හේතුවෙන් ඩුබායි නගරය යටවීම නිසා ලොව දෙවැනි කාර්යබහුලම ගුවන් තොටුපළ වන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණෙන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට බලධාරීන් විසින් ඊයේ (17) පියවර ගෙන තිබේ.

වසරකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇදහැළෙන වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් පෙරේදා(16) දිනයේ එරටට ඇදහැලීම නිසා ඩුබායි නගරය ඇතුළු රටේ නගර ගණනාවක් ජලගැලීම් හේතුවෙන් යට වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ජලගැලීම් හේතුවෙන් ඩුබායි නගරයේ නිවාස, ව්‍යාපාරික ස්ථාන හා මංමාවත් යට වී ඇති බව වාර්තා වේ. ලොව ප්‍රධාන පෙළේ ගුවන් ගමන් හුවමාරු මධ්‍යස්ථානයක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද ජලයෙන් යටවීම නිසා ගුවන් ගමන් ඇනහිටීමෙන් ගුවන් මගීන් විශාල පිරිසක් දැඩි අසීරුතාවන්ට මුහුණ පා ඇති බව වාර්තා වී තිබේ. ඩුබායි ගුවන් තොටුපළ මෙන්ම අවට මංමාවත් ජල ගැලීම්වලින් ජලාශ බවට පත්ව තිබීම නිසා, අත්‍යවශ්‍යම කටයුත්තකට හැර ගුවන්තොටුපළට නොපැමිණෙන ලෙස ගුවන්තොටුපළ බලධාරීන් ගුවන් මගීන්ගෙන් ඉල්ලීම් කර තිබේ. එමෙන්ම ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන් තොටුපළවලට හරවා යැවීමටද බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් එරටට ලැබෙන වැසි ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා ක්ලවුඩ් සීඩීන් නමැති තාක්ෂණය යොදා ගෙන සිදු කළ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මෙසේ එකවර විශාල වර්ෂාපතනයක් එරටට ලැබී ඇති බව වාර්තා වී තිබේ. ඩුබායි නගරයට වසරකදී ඇදහැළෙන දළ වර්ෂාපතනය මිලි මීටර් 94.7 ක් වුවද පෙරේදා දිනයේ නගරයට මිලි මීටර් 142 කට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment