ජම්මු කාශ්මීර් රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා පුහුණුවක්

95

ජම්මු සහ කාශ්මීරයේ රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා පැය 50ක වෘත්තීය පුහුණුවක් ලබාදීමට පියවර ගෙන ඇත. බොම්බේ කොටස් හුවමාරුව ආයතනය , ජම්මු කාශ්මීර් හි දොඩා දිස්ත්‍රික් පරිපාලන ආයතනය සහ කම්කරු සහ රැකියා දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මේ සදහා පළමු දිනයේදීම තරුණ තරුණියන් 50කට වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබේ. මෙම වැඩසටහන දොඩා හි රජයේ උපාධි ආයතනය විසින් මෙහෙයවයි. මෙම පුහුණුවේදී බැංකු කටයුතු,රක්ෂණ කටයුතු සහ මූල්‍ය සේවා සම්බන්ධයෙන් පුහුණුව ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය කොමසාරිස් විශිෂ් පෝල් මහජාන් මහතා පවසයි. මෙවැනි පුහුණුවකින් පසු රැකියා සදහා බදවාගැනීමේදී සේවා ආයතන වලටද පහසුවක් බවද සදහන් කරයි. මෙම ආරම්භයත් සමග ඉදිරියේදී තවත් පුහුණු පාඨමාලා ආරම්භ කරන බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment