බාලවයස්කාර දැරියට අතවර කළැයි චීවරධාරියා රිමාන්ඩ්

745

විහාරස්ථානය අසල පදිංචි අට හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද විහාරාධිපති හිමිනමක් 8 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කළාය.

මෙම සැකකාර විහාරාධිපති හිමියන් විහාරස්ථනය අසල පිහිටි නිවසක කුඩා දැරිය තම කාමරය තුළට කැඳවා දූෂණය කරමින් සිටිය දී විහාරස්ථානයට පැමිණි කාන්තාවක් දැක ඇත. එවිට එම කාන්තාව උස් හඬින් විහාරාධිපති හිමියන්ට දොස් පවරා පිටව ගොස් තම ලේලියට පවසා ඇත.

පසුව අසල්වාසීන්ට ද පවසා පොලිසියට දන්වා ඇති අතර ඒ සමග වහා ක්‍රියාත්මක වූ පොලිසිය පැමිණ දැරිය සහ සැකකාර හිමියන් අත්අඩංගුවට ගෙන කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරපත් කර ඇත.

එහිදි දැරිය පරීක්ෂා කරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරි ශ්‍යාමලි විජේරත්න මහත්මිය වාර්තා කර ඇත්තේ දැරිය දූෂණයට ලක්වී ඇති බවය.

පොලිසිය කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැකකාර හිමියන් ගිහි ජීවිතයේ ගුරුවරයෙකු වන අතර ඔහුගේ බිරිඳ හෙදියක් බවය. බිරිඳ මියගොස් ඇති බව ද ඔවුන්ගේ දරුවෙකු විදේශගතව සිටින බව ද මෙයට වසර පහකට පමණ පෙර සැකකරු පැවිදිවි ඇති බවද ඔහුගේ විශ්‍රාම වැටුපට අමතරව බිරිඳගේ විශ්‍රාම වැටුප ද ලබා ගන්නා බවද අනාවරණයවී තිබේ.

අතවරයට පත් දැරිය සීයා, ආච්චි සහ සුළු පියා සමග සිටින අතර ඔවුන් පදිංචිව සිටි කුඩා නිවස වෙනුවට නව නිවසක් සැකකාර හිමියන් සාදාදී ඇති බවද අනාවරණයවී තිබේ.

ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ, පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අක්මීමණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මධුරංග අරුමප්පෙරුම, උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන්, කාන්තා උප පොලිස් පරීක්ෂිකා නිශාන්ති යන මහත්ම මහත්මීන් විසින් සැකකාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අහංගම සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment