ඡන්දය පස්සට!

234

තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වීමත් සමග පළාත් පාලන මැතිවරණය ලබන 9 වැනිදා පැවැත්වීම ද ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇතැයි මැතිවරණ කොමිසම් ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට තැපැල් ඡන්ද විමසීම කල් දමා ඇති අතර ඊට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම පිළිබඳ මෙතෙක් ස්ථිර තීරණයකට රජයේ මුද්‍රණාලය එළැඹී නැත.

තැපැල් ඡන්ද කටයුතු සිදු කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි කාර්යාලවලට දින කිහිපයක් අවශ්‍ය වන අතර ඉන්පසුව රටපුරා ඡන්ද සලකුණු කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් යෙදවීමට ද කාලය අවශ්‍ය වේ. තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වනවිට සෙසු කටයුතු අවශ්‍ය කාලය අවම වන බැවින් ඡන්ද විමසීමේ දිනය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට සිදුවිය හැකි බව වාර්තා වෙයි.

මෙම තත්ත්වය වළක්වා ගැනීමට මැතිවරණ කොමිසම යුහුසුළුව කටයුතු කරමින් පවතින බව ද වාර්තා වෙයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment