ගණේමුල්ලේ සංජීව, ගොත අසංක ඇතුළු 4 ක් පිටරටදී අත්අඩංගුවට

1793

මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනෙක් ඉන්දියාව, නේපාලය සහ ඩුබායිහිදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන ගනේමුල්ලේ සංජීව සහ ගොත අසංක යන අය ඉන්දියාවේ සිට නේපාලයට පලායද්දී නේපාල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මොහොමඩ් සිද්ධික් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඉන්දියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ලලිත් කන්නනංගර නමැති පාතාල අපරාධකරු ඩුබායි ගුවන් තොටුපළේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම් නීත්‍යානුකූලව මෙරට පොලිසියට තහවුරු කර නොමැත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment