සතොසේ සුදුලූනු ජිල්මාට් දැමූ අය මීට පෙරත් ගේම් ගහලා

187

සතොස ආයතනයෙන් සුදුලූනු කිලෝ 56,000ක් පිටකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති වැඩිදෙනා මීට පෙර ද මෙවැනි චෝදනා යටතේ සතොසෙන් වැඩ තහනමට ලක්වී නැවත සේවයේ පිහිටුවූවන් බව පාරිභෝගික අධිකාරිය සිදුකරන විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙම ජාවාරම පිළිබඳව චෝදනා ලැබූවන් අතර සතොස ආයතනයේ සිටියදී වැඩ තහනමට ලක්වීමෙන් පසු වෙළෙඳ අමාත්‍යාංශය යටතේම පවතින රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සේවයට එක් වූ අයකු සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. ඔහු එම සංස්ථාවේ ධූරයකට පත්කළේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බව ද ඔහු කීය. සතොස තුළ සිදු වූ මෙම ජාවාරම කාලයක සිට සිදුකරගෙන ගොස් ඇති බවත්, මෙවැනි චෝදනාවලට ලක් වී වැඩ තහනමට ලක්වන පිරිස් මාස කිහිපයකින් නැවත සේවයේ පිහිටුවා මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව විමර්ශන සිදුකිරීමේදී අනාවරණය වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment