රාජ්‍ය ආයතන ඇතුළේ පුටු යුද්ධ ඇරැඹේ

309

රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගන්වන වයස අවුරුදු 65 සිට 60 දක්වා පහත හෙළීමට රජය ගත් තීරණය මත මෙම වසරේ වැඩකරන අවසන් දින දෙකේ රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශ්‍රාමයෑමත් සමඟ බොහෝ ආයතනවල තනතුරු සඳහා පොරකෑම් සිදුවූ බව (28 වැනිදා) වාර්තා විය.

ඇතැම් ආයතනවල ජ්‍යෙෂ්ඨයන් සිටි ආසනවලට ඊළඟ නිලධාරීන් පැමිණීමත් ජ්‍යෙෂ්ඨයන්ට සැලකිය යුතු පිරිසක් හදිසියේම රැකියා අතහැර යෑමත් නිසා විවිධාකාර ජුගුප්සාජනක සිද්ධීන් වූ බව ද ආයතන රැසක නිලධාරීහු පැවසූහ.

රජයේ සේවකයන් විශ්‍රාම යන වයස 60 සිට 65 දක්වා දීර්ඝ කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ පාලන කාලයේ දී තීරණය කර තිබුණත් වත්මන් පාලනය මගින් එම තීරණය අහෝසි කර දැමිණි.

ඒ අනුව 2022 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට විශ්‍රාම යෑමට සිටි පිරිසට තවත් වසරක් රාජ්‍ය සේවයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවිය. කෙසේ වෙතත් 2021 සහ 2022 වසර දෙකේ දී වයස අවුරුදු හැට පිරුණු රජයේ නිලධාරීන් එකවර මෙවර විශ්‍රාම ගන්වනු ලැබිණි. ඒ අනුව රාජ්‍ය සේවකයන් 30,000ක් පමණ මෙවර විශ්‍රාම ගියේ රාජ්‍ය නිලධාරීන් වැඩිම පිරිසක් එකවර විශ්‍රාම ගිය වසර බවට පත්වෙමින් යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසී ය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment