ගෑස් පිපිරීම් ගැන පැය 48 ක් ඇතුළත විද්‍යාත්මක පිළිතුරක් දෙනවා: කැබිනට් ප‍්‍රකාශක ඇමැති ඩලස් කියයි

122

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලූකාරී තත්ත්වය පිළිබ`ද රටේ ජනතාවට ඉදිරි පැය හතළිස්අට (48) ඇතුළත විද්‍යාත්මක පිළිතුරක් ලබාදීමට හැකිවනු ඇතැයි කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

දිගින් දිගටම සිදු වූ ගෑස් පිපිරීම් ජනතාව දැඩි ලෙස භීතියට පත් කරන අසාමාන්‍ය තත්ත්වයක් බව රජය

පිළිගන්නා බවද ඇමැතිවරයා ස`දහන් කළේය.

පාරිභෝගිකයන්ට ප‍්‍රශ්නකාරී ගෑස් සැපයීම රජයට අනුබද්ධ ආයතනයක් මගින් සිදු කරනු ලැබුවද මෙතෙක් එම කටයුතු කිසිදු ආයතනයකින් නියාමනය වී නොමැති බවද ඒ ස`දහා නිශ්චිත ආයතනයක් තිබී නොමැති බවද ඇමැතිවරයා පැවසීය.

මෙම තත්ත්වය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය, රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව, ඛනිජ තෙල් සංස්ථාව සහ එම අමාත්‍යංශය මගින් පුළුල් විiාත්මක පරීක්‍ෂණයක් සිදු කරන බව කී ඇමැතිවරයා කඩිනමින් එම වාර්තාව ලැබීමට නියමිත බවද සදහන් කළේය. කැබිනට් තීරණ දැනුම්දීම ස`දහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (30දා) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment