අසල්වැසි දරුවකුට අතවර කළ 77 හැවිරිදි පුද්ගලයා වසර 14 ක් හිරේ

335

අසල්වැසි නිවසක ජීවත් වන වයස අවුරුදු 16 ට අඩු පිරිමි ළමයකුට ලිංගික අපයෝජනය කිරීම ඇතුළු අධිචෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ 77 හැවිරිදි වයෝවෘද්ධ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (10දා) වසර 14 ක සිරදඬුවම් නියම කළේය.

එයට අමතරව විත්තිකරුට රුපියල් 20,000 ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා අපයෝජනයට ලක්වූ දරුවාට රුපියල් ලක්‍ෂයක වන්දියක් ගෙවීමටද විත්තිකරුට නියෝග කළේය. 2010 වසරේදී සිදුවී ඇතැයි කියන එම අපරාධය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි. ඉතා වයෝවෘධ පුද්ගලයකු වන සිය සේවාදායකයාගේ වයෝවෘධභාවය සලකා අවම දඬුවම් නියම කරන ලෙස විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත විපුලනායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එලෙස ළිහිල් සිරදඬුවම් නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment