ශ්‍රීපාදයෙන් මස්කෙළියට ලක්ෂ ගණනක පාඩුවක්

171


මෙවර ශ්‍රීපාද වන්දනා සමය පැවති කාලය තුලදී නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයෙන් වන්දනාව සඳහා පැමිණි දේශිය සංචාරකයින් දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ටොන් 110 ක් සහ ප්ලාස්ටික් බෝතල් ටොන් 03 ක් පමණ පරිසරයට මුදා හැර ඇති බව මස්කෙළිය ප්‍රාදේශිය සභාව කියයි.

පුරා මාස 06 ක කාලයක් අඛණ්ඩව පැවැත්වෙන ශ්‍රීපාද වන්දනා සමයේදී නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයේ හා නල්ලතන්නිය නඟරයේ ගොඩගැසෙන දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැළි කසල රැස් කර ඉවත් කිරීම සිදු කරනු ලබන්නේ, මස්කෙළිය ප්‍රාදේශිය සභාව යටතේ ඇති පරිසර ඒකකය මගිනි.

දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ඇතුළු මෙම කැළි සකල තොග ඉවත් කිරීම සඳහා මස්කෙළිය ප්‍රාදේශිය සභාවට මෙවර වන්දනා සමයේදී රුපියල් මිලියන 04 ක් පමණ වැය කරීමට සිදු වූ බව පරිසර නිලධාරිණී රසිකා සමරණායක මහත්මිය පවසන්නීය.

advertistmentadvertistment
advertistmentadvertistment