බන්ධනාගාර ‘වාන් දමයි’ වියදම බිලියන 8.3 ක්

146

මෙරට බන්ධනාගාර පද්ධතියේ බන්ධනාගාර ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වීම නිසා ඉකුත් වර්ෂයේ දී (2022) පමණක් රැඳවියන් නඩත්තු කිරීමට බිලියන 8.3ක මුදලක් රජයට වැය වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

මෙරට බන්ධනාගාර පද්ධතියේ බන්ධනාගාර ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා වන විට සියයට 232කින් වැඩි වී ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මෙරට බන්ධනාගාර තුළ රඳවා සිටිය හැකි රැඳවියන් සංඛ්‍යාව 11,291ක් වුවත් රැඳවියන් 26176 දෙනකු රඳවා සිටින බවත් බන්ධනාගාර ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 14885ක් බවත් විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment