විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ලබන ජුනි මස අවසන් කරනවා – මුදල් රාජ්‍ය ඇමැති

64

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ලබන ජුනි මාසයේදී සම්පූර්ණයෙන්ම අවසන් කිරීම රජයේ ඉලක්කය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය..

මෑත කාලීනව රට මුහුණ දුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වන විට අවසන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

2022 වර්ෂයේදී ආර්ථික අර්බුදය ඇතිවන අවස්ථාව වන විට ඩොලර් බිලියන 90 ක පමණ ණය මුදලක් ගෙවීමට තිබූ බවත්, ඉන් අඩක් දේශීය ණය ලෙසත්, ඉතිරි අඩ විදේශ ණය ලෙසත් තිබූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව විදේශ ණය බහු පාර්ශ්වීය සහ ද්වි පාර්ශ්වීය ණය ලෙස කොටස් දෙකකින් සමන්විත බව සඳහන් කළ සියඹලාපිටිය මහතා එම බහු පාර්ශ්වීය ණය අඛණ්ඩව ගෙවීමට කටයුතු කළ බවද පැවසීය.

කෙසේ වෙතත් ද්වි පාර්ශ්වීය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ඉතා සාර්ථකව මේ වන විට පැවැත්වෙමින් ඇති බවත්, රටවල් අතර ණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මාර්තු මස අවසන් වන විට නිමා කොට ගිවිසුම් ගතවීමටත්, ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා අප්‍රේල් මාසය වන විටත්, ජුනි මාසය වන විට මෙරට තිබූ ගැඹුරුම ආර්ථික ප්‍රශ්නයක් වන ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන්ම නිමා කිරීමත් ඉලක්කය බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment