කොළඹ සීසීටීවී වැරදි කළ රියැදුරන් 793 ක් හඳුනාගනී

69

කොළඹ නගරය ආශ්‍රිතව සීසීටීවී දර්ශන මගින් ගෙවුණු දින 15 ක කාලය තුළ වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 793 ක් හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවැසීය.

මෙම හඳුනාගැනීම පෙබරවාරි 01 වැනිදා සිට 15 වැනිදා තෙක් බවත් වැරදි සම්බන්ධයෙන් හඳුනාගත් 793 දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන 300 කට දැනුම් දුන් බවත් ඔහු කීය. මෙහිදී වාහනයේ ලියාපදිංචි අංකයේ හිමිකරු වෙත නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය.

2023 වර්ෂය තුළ බීමත් රියැදුරන් 124,761 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම වර්ෂයේ රිය අනතුරුවලින් පුද්ගලයන් 2310 ක් මියගොස් ඇති බවත් ඔහු කීය. මියගිය පිරිස අතර පදිකයන් 742 ක්, යතුරුපැදිකරුවන් 707 ක්, වාහන තුළ මඟීන් 254 ක් සහ රියැදුරන් 173 ක් සිටින බව ද තල්දුව මහතා කීය.

2023 වර්ෂයේදී මාර්ග නීති උල්ලංඝනය කිරීම් 163,749 ක්, සුදු ඉරි ඇතුළු මාර්ග සංඥා කඩකිරීම් 4,002,649 ක්, ආසන පටි නොපැලඳීම් 48,996 ක්, ආදායම්/රක්‍ෂණ සහතික නොමැතිව 223,802 ක්, හිස්වැසුම් නොමැතිව 286,751 ක්, වෙනත් වැරදි සම්බන්ධයෙන් 563,744කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙන බව ද හෙතෙම කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment