ලක්‍ෂ 70 ක් ළිපෙන් ළිප් බොක්කට – සමාජ ආරක්‍ෂණ වැඩසටහන් දුප්පත්ම ජනතාව වෙත ගොස් නෑ

318

ලර්න් ඒශියා ආයතනය විසින් මෑතකදී ශ්‍රී ලංකාවම නියෝජනය වන පරිදි කරන ලද සමීක්ෂණයකට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ශ්‍රී ලාංකීය ජනගහනය මිලියන 4 කින් වැඩි වී ඇත.

2019 දී ශ්‍රී ලාංකිකයන් මිලියන 3ක් දරිද්‍රතාවෙන් පෙළුණු අතර මේ වන විට (2023) එය මිලියන 7 ක් එනම් මුළු ජනගහනයෙන් සියයට 31 දක්වා වර්ධනය වී ඇත.

2023 වසරේ මෙම නවතම සමීක්ෂණයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන අයගෙන් සියයට 81 ක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙති. 2019 සිට ග්‍රාමීය දරිද්‍රතාව සියයට 15 සිට සියයට 32 ක් දක්වා දෙගුණ වී තිබෙන අතර, නාගරික දරිද්‍රතාව සියයට 6 සිට සියයට 18 ක් දක්වා තෙගුණ වී ඇත. මේ අතර දිගින් දිගටම නරකම තත්ත්වයට පත්ව ඇත්තේ වතු ප්‍රජාව වන අතර ඔවුන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රතිශතයක් දරිද්‍රතාවෙන් ජීවත් වන බව ද අනාවරණය වී ඇත.

එසේම පවතින සමාජ ආරක්ෂණ වැඩසටහන් සමාජයේ දුප්පත්ම ජනතාව වෙත ළඟාවීමට අපොහොසත් වී ඇති බව ද සමීක්ෂණය මගින් හෙළිදරව් වී තිබේ. මේ අනුව දුප්පත්කමින් වැඩිම නිවාස දහයෙන් පංගුවෙන් සියයට 31 ක් පමණක් සමෘද්ධිය ලබන බව ද එහි සඳහන්ව ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment