විදුලි ගාස්තු අඩුවීම 03% ක් විතරයි – උපයෝගිතා කොමිසම කියයි

211

ජුලි 01 වැනිදා සිට සිදුකිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩුවීම සියයට 03 ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඊට අදාළ ගාස්තු සංශෝධනය මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව ගාස්තු අඩු කිරීමේදී 0 සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9 කින් අඩුකෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 10.8 කින්ද ඒකක 61 සිට 90 දක්වා විදුලි ගාස්තුව සියයට 7.2 කින්ද, ඒකක 91 සිට 180 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 3.4 කින්ද පහත දමා ඇතැයි කොමිසම පවසයි.

මීට අමතරව ඒකක 180 ට වැඩි කාණ්ඩයේ ගාස්තු සියයට 1.3 කින් අඩුකර ඇත. ආගමික ස්ථාන හා පුණ්‍ය ආයතනවල විදුලි ගාස්තුව සියයට 3.2 කින් පමණ අඩුවේ. කර්මාන්ත, පොදු කාණ්ඩ, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන යන කාණ්ඩවල ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන බව සඳහන් කර ඇතැයි කොමිසම පවසයි.

කෙසේ වෙතත් හෝටල් කර්මාන්තයේ විදුලි ගාස්තුව සියයට 12.6 කින් පහත දමා ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment