චැනල් ෆෝ චෝදනා විමර්ශනයට විශේෂ තේරීම් කාරක සභාවක්

54

පාස්කු දින එල්ල වූ ප්‍රහාරය සම්න්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් ප්‍රචාරය කරන ලද වැඩසටහන මගින් කළ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය.

එලෙස තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් විසිදෙනකුගේ අත්සන් සහිතව කරන ලද ඉල්ලීම සලකා බලා මෙම තීරණය ගත් බව ද හෙතෙම කීය. මෙම කාරක සභාව සාමාජික මන්ත්‍රීවරුන් 11 දෙනකුගෙන් සමන්විත විය යුතු අතර එහි වාර්තාව මාස දෙකක් අතර කාලයක දී ලබා දිය යුතු බව ද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙවැනි කමිටු පත් කිරීමෙන් සිදු වනුයේ කල් මැරීම පමණක් වන බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිළිගත හැකි දේශීය පරීක්ෂණයක් සිදු කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment