කන්ටේනර් 500 ක් හැමදාම වරායේ හිරවෙලා

78

– මහ බැංකුව ඩොලර් මුදා හැරියත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කර ගැනීමට මහ බැංකුව වරින් වර ඩොලර් මුදාහැරියත් නිරන්තරයෙන් කොළඹ වරාය තුළ කන්ටේනර් පන්සියයක් පමණ සිරවී තිබෙන බව අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘‘දිවයින’’ට පැවසීය.

ආනයනකරුවන්ගේ කන්ටේනර් සංඛ්‍යා අඩංගු ලයිස්තුවක් සකස් කොට එය මහ බැංකුවට යොමු කිරීමෙන් අනතුරුව වාණිජ්‍ය බැංකු වෙත ඩොලර් මුදා හරින මුත් සෑම දිනකම පාහේ මෙරටට ගෙන්වන කන්ටේනර් ප‍්‍රමාණයක් වරායේ සිරවෙන බවද ඒ මහතා කීය.

කන්ටේනර් මුදා ගැනීමේදී සිදුවන ප‍්‍රමාදය නිසා අමතර ගාස්තු එකතුවීමෙන් පාරිභෝගික ද්‍රව්‍ය මිල කෙරෙහිද එය බලාපන බැවින් ඒවායේ මිල ගණන් ඉහළ යන බවද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment