සමෘද්ධි නිලධාරීන් 183 කගේ විශ්‍රාම වැටුප වැටඋඩ

57

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 183 දෙනකුගේ විශ්‍රාම වැටුපට අදාළව සමාජ සවිබලගැන්වීම් කැබිනට් ඇමැතිවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇති කැබිනට් පත්‍රිකාව මෙතෙක් අනුමත නොවීම හේතුවෙන් එම ලේඛනයට නම් ඇතුළත් නිලධාරීන් රැසකට සිය විශ්‍රාම වැටුප ලබා ගැනිමට නොහැකි වී ඇත. එබැවින් කඩිනමින් එම කැබිනට් පත්‍රිකාව අනුමත කර දෙන ලෙස ඔවූහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

2017 අංක 17 දරන දිවිනැඟුම සංශෝධන පනත හා 2013 අංක 01 දරන සමෘද්ධි පනතේ නියමයන්ට අනුව 2023 ජුනි මාසයේ මුල් සතියේ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති මෙම කැබිනට් පත්‍රිකාවට මේ වන විට මාස 04 කි. 2014 සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත්කරන අවස්ථාව වන විට කැබිනට් අනුමැතිය අවශ්‍යව සිටි නිලධාරීන් විශාල පිරිසක් වෙනුවෙන් 2016.11.09 දා කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ඇති අතර එයට ඇතුළත් නොවූ නිලධාරීන් 183 දෙනකුගේ නම් මෙම ලේඛනයට ඇතුළත්ව ඇත.

දිස්ත්‍රික් මට්ටමින් පහත සඳහන් පරිදි නිලධාරීන් මෙම ලේඛනයට ඇතුළත්ව තිබේ. කොළඹ-04, ගම්පහ-11, ගාල්ල-07, මාතර-06, හම්බන්තොට- 44, මහනුවර-16, මාතලේ-14, නුවරඑළිය-31, කුරුණෑගල-19, පුත්තලම-05, පොලොන්නරුව-03, බදුල්ල-06, රත්නපුර-02, කෑගල්ල-05, මඩකලපුව-02, ත්‍රිකුණාමලේ-01. මොනරාගල-01, අනුරාධපුරය -05, අම්පාර-01
ඌව පරණගම – එන්. ඩී. එන්. අබේසේකර

advertistmentadvertistment
advertistmentadvertistment