සජබ ආණ්ඩුවකින් කතුන්ට ස්කොට්ලන්ත සැලකීමක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

39

සමගි ජනබලවේග රජයක් යටතේ 2019 දී පොරොන්දු වූ ආකාරයට මූල්‍ය ගැටලු ඇති කාන්තාවන්ට ස්කොට්ලන්තයේ සේ සනීපාරක්ෂක උපකරණ ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එය හුදෙක් සුබසාධනයක් පමණක් නොව දේශීය කර්මාන්ත කේන්ද්‍ර කර ගෙන එම කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව කරන බව ද හෙතෙම කීවේය. මෙය ආදායම් උත්පාදනය කරන ආර්ථික වර්ධනයට දායකත්වය ලබා දෙන මෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරන වැඩපිළිවෙළක් බවත් මේ තුළින් කාන්තා සෞඛ්‍ය ආරක්ෂා වීමක් මෙන්ම ඒ සඳහා වැයවන අනවශ්‍ය සෞඛ්‍ය වියදම් ද අවම කිරීමට හැකි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ 14 වැනිදා සෙලීන් පදනම විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ලද BleedGood අවස්ථාව සඳහා එක්වෙමිනි.

මෙම සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීමේ දී පරිසර හිතකාමී ලෙස යොදාගත හැකි ක්‍රමයක් ද මෙහි දී ඉදිරිපත් වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වුවත් පුරුෂ කේන්ද්‍රීය සමාජයක් තුළ මෙය තවමත් ක්‍රියාවට නැංවීමට නොහැකි වීම කනගාටුවට කරුණක් බවය. තවදුරටත් කාන්තාවන්ගේ එම අයිතිය භංග වීමට ඉඩ නොදිය යුතු බවත් හෙතෙම පැවසීය.

එසේම අද වන විට සනීපාරක්ෂක තුවාවලට බදු පිට බදු ගහන රටක් ඇති බවත් මෙය කාන්තාවන්ගේ සෞඛ්‍ය අයිතිය හා රෝග නිවාරණයට මෙන්ම රැකියා උත්පාදනය කළ හැකි ක්‍රමවේදයක් බැවින් සමගි ජනබලවේග රජයක් තුළ එය අනිවාර්යෙන්ම ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය

advertistmentadvertistment
advertistmentadvertistment