භූමි පූජාන් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය නේපාලයේදී පවත්වයි

210


භූමි පූජන් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය ඉන්දියානු රජයේ සංස්කෘතික අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ඉකුත් ඉරිදා ලුම්බිණියේ බෞද්ධ සංස්කෘතිය හා උරුමයන් සඳහා වූ ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී මහත් හරසරින් පවත්වන ලදී.

බෞද්ධ සංස්කෘතිය හා උරුමයන් සඳහා වූ ඉන්දියානු ජාත්‍යන්තර මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබුවේ අගමැති නරේන්ද්‍ර මෝදි සහ එවකට නේපාල අගමැති වූ ශිර් බහදූර් දෙව්ඉා යන මහත්වරුන් විසින් විසින් 2022 මැයි 16 වැනිදාය.
භූමි පුජාන් උත්සවයට භික්ෂූන් වහන්සේලා 150 නමක් සහ බැතිමතුන් 100ක් ඇතුළු සම්භාවනීය අමුත්තන් 250ක් සහභාගී වූහ. මෙම රැස්වීමට මෛත්‍රී මහතෙරු,ලුම්බිණි සංවර්ධන භාරයයේ හිටපු උප සභාපති මෛත්‍රී සෝවාන මහාතෙරු ,සමස්ත නේපාල භික්ෂු සංගමයේ සභාපති සුකොත්මහාත්‍රෝ ,මියන්මාර් ආරාමයේ සුජනිත මහතෙරු වැනි ප්‍රමුඛ පුද්ගලයින් සහ චීන කොරියානු සහ සහ නියෝජිතයින් ඇතුළත් වූහ.
ලුම්බිණි ආරාම කලාපයේ ධර්මය ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා තීරණාත්මක මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කරමින් මධ්‍යස්ථානයේ දැක්මට මින් මහත් සහයෝගයක් ලැබී ඇත. තවද එය 2045 වන විට ශුද්ධ ශුන්‍ය හරිතාගාර විමෝචනය සාක්ෂාත් කර ගැනීමේ නේපාලයේ කැපවීම සමඟද සම්බන්ධවේ.

advertistmentadvertistment
advertistmentadvertistment