ප්‍රවීන මාධ්‍යවේදිනී රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි

1825

ප්‍රවීන මාධ්‍යවේදිනී සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක මෙන්ම වේදිකා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වූ රම්‍යා වනිගසේකර මහත්මිය අද උදෑසන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඇය 73 වැනි වියේ පසුවිය. රාජ්‍ය සම්මාන දිනූ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වූ ආර්.ආර් සමරකෝන් මහතාගේ බිරිඳ වූ ඇය ඔහු නිෂ්පාදනය කළ කැලණි පාලම වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් රාජ්‍ය සම්මාන ද දිනා ගැනීමට සමත් වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment