ධනුෂ්කගේ නඩු ගාස්තු ගෙවන්නලු

673


ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය ,අසාධාරණ, ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණයක් තීන්දු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

විනිසුරු සාරා හගේට් ඉදිරියේ වියදම්වලට අදාළ නඩු කටයුත්ත අද අසා ඇත. එහිදී ඇය පවසා ඇත්තේ රජයේ පාර්ශ්වය පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකියයුතු ගැටලු ඇති බවය.

ඒ අනුව විනිසුරුවරිය නියෝග කර ඇත්තේ ධනුෂ්ක ගුණතිලක ගේ නඩු ගාස්තු ඔහුට ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසටය.

advertistmentadvertistment
advertistmentadvertistment