මාදිවෙල මන්ත්‍රී නිවාස කිට්ටුව ස්පා 42ක් තියෙනවා

1057

මේවා ආයුර්වේද නමත් ගහගෙන
විමලවීර දිසානායක

සංචාරක ප්‍රවර්ධනයට කියලා තැබෑරුම් ලයිසන් දෙනවා. ඉතින් කොහොමද මිනිස්සු බොන එක නවත්වන්නේ. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ළඟ ඉඳලා කිලෝ මීටර් 1 1/2 ක් ඇතුළත ස්පා 42ක් තියෙනවා. මේවා ආයුර්වේද නම ගහගෙන පවත්වාගෙන යන්නේ. එක්කෙනෙක්ගෙන් රුපියල් 5000ක් ගන්න තැනුත් තියෙනවා.

මම වගේම මස් මාළු තියා උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැති හයදෙනකු පාර්ලිමේන්තවේ ඉන්නවා යැයි දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා දෙහිඅත්තකණ්ඩිය ශාලිකා නගර ශාලාවේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී කීවේය.
දෙහිඅත්තකණ්ඩිය – රණතුංග

advertistmentadvertistment
advertistmentadvertistment