සතුන් වත්තේ ගසක් ඇඟට වැටී ප්‍රධාන ආරක්‍ෂකයා මියයයි

161

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තිබූ විශාල ගසක් මුලින් ඉදිරි විදුලි කණුවක් සමග කඩාවැටී එයට යටවීමෙන් ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙක් පැවසීය. මෙම අනතුර ඉකුත් 15 වැනිදා සවස සිදුවී ඇත. අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සත්වෝද්‍යානයේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී උපුල් සෙනරත් මාරකන්ද (54) මහතාය.

මෙදින පස්වරුවේ ඔහු ආහාර පාර්සලයක් රැගෙන යමින් සිටියදී මෙම ගස රැහැන් සහිත විදුලි කණුව මවතට වැටී ආරක්‍ෂක නිලධාරියා යටකරගෙන බිම පතිතවී ඇතැයි වාර්තා වේ. විදුලි රැහැන් බෙල්ලේ එතීම නිසා බේරී යෑමට නොහැකි වී ඇති අතර විදුලිබල මණ්ඩලයේ කාර්මික නිලධාරීන් පිරිසක් පැමිණ විදුලිය විසන්ධි කිරීමෙන් අනතුරුව තුවාලකරු දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෙතෙම මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය පැවසීය.

මේ පිළිබඳ අදහස් දැක්වූ සේවක පිරිස් කියා සිටියේ මෙවැනි ඉපැරැණි ගස් කෞතුක වටිනාකමකින් යුත්ත වුවත් කාර්ය මණ්ඩලයේ, නරඹන්නන්ගේ සහ සත්වයන්ගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් අවදානම් සහිත ගස් ඉවත් කිරීම සුදුසු බවය.

දෙහිවල පොලිසිය හා සත්වෝද්‍යාන පාලනාධිකාරිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
පින්සිරි ආරියරත්න – රත්මලාන, ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment