පොදු සමා කාලයේ පළමු සතියේදී යුද හමුදාවේ 7156ක් සේවයෙන් ඉවතට

68

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන් සඳහා සේවයෙන් ඉවත්වීමට ලබාදී තිබෙන පොදු සමා කාලයේ පළමු සතිය තුළ හමුදා සාමාජිකයන් 7156ක් යුධ හමුදාවෙන් ඉවත් වී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පැවසීය.

2019 සිට මේ දක්වා යුද හමුදා සාමාජිකයන් 25,000ක් පමණ සේවයට වාර්තා නොකර සිටින බවත් එම පිරිස අතරින් මෙම පිරිස ඉවත් වී ඇති බවත් රසික කුමාර මහතා පැවසීය.

යුද හමුදා සේවයෙන් ඉවත්වීම සඳහා 2024 අප්‍රේල් 20 වැනිදා සිට 2024 මැයි 20 දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත. 2023 දෙසැම්බර් 31 වැනිදා සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද්ධ හමුදා සාමාජිකයන් 7143 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙතින් තාවකාලිකව ඉවත් කිරීමට ද කටයුතු කර ඇත.

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයන් 13 දෙනෙකු සඳහා ද මෙම කාලසීමාවේදී යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට කටයුතු සලසා දී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment