කොළඹට ආ හමුදාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

605

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ආරක්ෂාව සඳහා කැඳවා ඇති ආරක්ෂක හමුදා විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.හදිසි තත්ත්වයකදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පෙර පුහුණු වීමක් සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.පෙරේදා දිනයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පොලීසියට අමතරව යුද හමුදා සාමාජිකයින්ද කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණි.පොලිස් කැරලි මර්දන ඒකක මෙන්ම ගිනි නිවන අංශ ද සීරුවෙන් තබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment