භාවනායෝගී භික්ෂූන් වහන්සේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවට අධිෂ්ඨාන පා ගමනක

94

රට සුරකින ත්‍රිවිධ හමුදාවට මෙන්ම සියලු ලක්වාසීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා භාවනා යෝගීව භික්ෂූන් වහන්සේ නමක් අධිෂ්ඨාන පා ගමනක් ආරම්භ කර ඇත.

මෙලෙස අධිෂ්ඨාන පා ගමනේ යෙදී සිටින්නේ ශ්‍රී සෝභනාරාමය, කලුවලගොඩ, ඌරගස්මංහන්දිය විහාරවාසී දියපිට ගල්ලන සෝභිත හිමි ය. මෙම පා ගමන පසුගිය 30 වැනිදා පේදුරුතුඩුවෙන් ආරම්භ කර ඇති අතර සෝභිත හිමියෝ මැදවච්චිය නගරය ඊයේ (07 දා) උදෑසන පසු කළහ. යුද්ධ හමුදාවේ සහ පොලිසියේ ආරක්ෂාව පාගමන සඳහා ලබා දී තිබූ අයුරු දැකගත හැකි විය.

මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment