මිනුවන්ගොඩ වගුරු බිමක කසිප්පු ස්කාගාරයක්

226


ගෝඩා බැරල් 12ක් සමග සැකකරු මාට්ටුමිනුවන්ගොඩ, නැහැල ප්‍රදේශයේ වගුරු බිම් සහිත කැලෑබද ප්‍රදේශයක පිහිටි ඇළ මාර්ගයක ඉතා රහසිගතව කලක පටන් පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් පෙරේදා (14 දා) පස්වරුවේදී වටලා කසිප්පු නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා යකඩ බැරල් 12කින් යුත් ගෝඩා මිලිලීටර් විසිඑක් ලක්ෂ හැටදහසක් සහ තවත් පෙරීමේ උපකරණ සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් බුද්ධි අංශය පවසයි.

එම කසිප්පු නිෂ්පාදනාගාරයේ තිබී කසිප්පු පෙරීමට උපයෝගී කරගන්නා ගෑස් ළිප් දෙකක්, ගෑස් සිලින්ඩර දෙකක්, තඹ දඟරයක් සහ පෙරන ලද කසිප්පු මිලිලීටර් 67500 (බෝතල් 90) ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍ර.පො.ප. කරුණාරත්න නිලධාරියාට ලද තොරතුරක් මත සැරයන් ජයන්ත (52297) සහ පො.කො. රූපසිංහ (89114) යන නිලධාරීන් ආවේක්ෂණ රාජකාරියේ යෙදීමෙන් අනතුරුව ගම්පහ පොලිසියේ උ.පො.ප. බණ්ඩාරනායක නිලධාරියා සමග එක්ව එම වැටලීම සිදු කර තිබුණි. කසිප්පු සහ කසිප්පු පෙරීමට උපයෝගී කරගන්නා උපකරණ සමඟ අත්අඩංගුවට පත් සැකකරුව වැඩිදුර විමර්ශන සඳහා මිනුවන්ගොඩ පොලිසිය වෙත භාරදී තිබේ. අත්අඩංගුවට පත් කසිප්පු පෙරීමට උපයෝගී කරගත් උපකරණ ඡායාරූපයේ දැක්වේ.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment