වරිග සභාව ආදිවාසී දිනය සමරමින්

123

ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය අද (10 දා) ට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් මෙරට ආදිවාසීන් විසින් වාර්ෂිකව පවත්වන ‘වරිග සභාව’ ඊයේ (09 දා) දඹාන කොටබකිනිය ගම්මානයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා මෙරට ආදිවාසී ගම්මාන 62 ක් ආවරණය වන පරිදි ආදිවාසීන් සහභාගී වූ අතර මුල්වරට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ආදිවාසීන් පිරිසක්ද ඊට සහභාගී වූහ. වැදිනායක ඌරුවරිගේ වන්නිළඇත්තන්ගේ ආරාධනය පරිදි මෙම අවස්ථාව සඳහා ආරාධිත අමුත්තා වශයෙන් සංස්කෘතික කටයුතු හා බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ එහිදී ආදිවාසීන් විසින් සාම්ප්‍රදායික වැදි නැටුමක් ඉදිරිපත් කළ අයුරුයි.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment