ඉන්ධන, අයිස්, ගෑස් මිල වැඩිවී දකුණේ බහුදින ධීවර යාත්‍රා මෙගොඩ නවතී

64

එක් ගමනකට ඩීසල් වියදම විතරක් එක්ලක්ෂ අසූදහසකින් වැඩිවෙලා

ඉන්ධන, අයිස්, ගෑස් ඇතුළු ධීවර ආම්පන්නවල මිල විශාල වශයෙන් ඉහළයාම නිසා ඒ සඳහා වැයවන පිරිවැය දරාගැනීමට නොහැකි වීමෙන් බහුදින යාත්‍රා විශාල සංඛ්‍යාවක් ධීවර වරායන්වල නැංගුරම් ලා ඇති බැව් දකුණු පළාතේ බහුදින යාත්‍රා හිමියෝ පවසති.

මසුන් ඇල්ලීමට යාමේ දී එක් මුහුදු ගමනක් සඳහා බහුදින යාත්‍රා හිමියෙකුට විශාල වියදමක් දැරිමට සිදුවී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

ඩීසල් මිල වැඩිවීම නිසා එක් මුහුදු ගමනක් සඳහා රුපියල් එක්ලක්ෂ අසූදහසක පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවද බහුදින යාත්‍රා හිමියෝ පවසති. මෙම තත්වය හමුවේ බහුදින යාත්‍රා හිමියන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති බැවත් ඇතැම් බුහුදින යාත්‍රා හිමියන් රුපියල් ලක්ෂ 19, 20, 30 ආදි වශයෙන් ණය වී ඇති බවද බහුදින යාත්‍රා හිමියෝ පෙන්වා දෙති.

යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment