අහුන්ගල්ල මුහුදේ දිය නෑ හෝටල් සේවකයා රළ පහරකට හසුවී ජීවිතක්ෂයට

73

අහුන්ගල්ල මුහුදු වෙරළේ නෑමට ගිය හෝටල් සේවකයකු රළ පහරකට හසුවී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ඇත්කඳුර තණබද්දේගම පදිංචිව සිටි සහන් ධනංජය වෛද්‍යරත්න (23) නමැති තරුණයෙකි.

අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ පුහුණු වෙමින් සිටි අතර සේවයට වාර්තා කිරීමට පෙර අහුන්ගල්ල තොටවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළට පැමිණ ඇත. හෝටල් පාසලේ දී එකට ඉගෙන ගත් මිතුරන් දෙදෙනෙක් ද මෙහිදී හමුවී ඇති අතර ඔවුන් ගිය පසු මොහු තනිව ම මුහුදේ නෑමට ගිය විට දී මෙම අනතුර සිදු වී තිබේ.

මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කේ. වගආරච්චි මහත්මිය විසින් බළපිටිය මූලික රෝහලේ දී මේ පිළිබඳව මරණ පරීක්ෂණය පවත්වන ලදී. එහිදී අහුන්ගල්ල පොලිසියේ පොලිස් සැරයන් එල්. එම්. සී. නවරත්න මහතාගේ (58454) මහතාගේ මෙහෙයවීම යටතේ මියගිය අයගේ පියා වන පොලිස් රියැදුරු ගාමිණී චින්තක වෛද්‍යරත්න මහතා (54) සාක්ෂි දුන්නේය.

බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ. ඩී. ඒ. දිසානායක මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද අතර විවෘත තීන්දුවක් දෙනු ලැබීය.

බළපිටිය – අනුර යසමිත්

advertistmentadvertistment
advertistmentadvertistment