පාසැලට නොගත් දරුවන් තිදෙනා මව්පියන් පන්තියේ  බලෙන් වාඩිකරවයි

205

ගාල්ල උළුවිටිකේ ආචාර්ය රිචර්ඩ් පතිරණ විදුහලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර නොගත් සිසුන් තිදෙනකු ඔවුන්ගේ දෙමව්පියන් විසින් පන්ති කාමරයේ බලෙන් වාඩිකරවීම නිසා ඊයේ (04) පාසල තුළ කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.

මෙම සිසුන් තිදෙනා පාසල ආසන්න ජස්ටින් කන්දේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ගේ සහෝදර සහෝදරියන් අධ්‍යාපනය ලබන්නේ මෙම පාසලේය. එහෙත් මෙම තිදෙනා පාසලට ඇතුළත් කරගෙන නොමැති අතර පොරොත්තු ලේඛනයේ ද සටහන්ව නැත.

මේ සම්බන්ධයෙන් ප්‍රාථමික අංශයේ විදුහල්පතිවරයාගෙන් දෙමව්පියන් විමසූවිට පවසා ඇත්තේ පොරොත්තු ලේඛනයේ සිසුන් ඇතුළත් කරගැනීමෙන් පසු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සමග සාකච්ඡා කොට ඇතුළත් කර ගන්නා බවය.

මෙහිදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය කලාප කාර්යාලය වෙත ගොස් නිරාකරණය කරගන්නා ලෙස උපදෙස් දීමෙන් පසු දෙමව්පියන් ළමයින් තිදෙනා ද රැගෙන පිටව ගොස් ඇත.

පසුව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට දෙමව්පියන් පෝද්දල පොලිසිය වෙත ගොස් ඇති අතර එක් ළමයකුගේ පියකු විසින් තමාට පහර දුන් බව පවසා පැමිණිලි කිරීමට විදුහල්පතිවරයා ද පෝද්දල පොලිසියට ගොස් ඇත.

අහංගම – සුගතපාල දීයගහගේ,  වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment