ලොව පුරා මිය යන  ඇදුම රෝගීන්ගෙන්  බහුතරය ඉන්දියාවෙන්

185

ලොව පුරා වාර්ෂිකව මිය යන ඇදුම  රෝගීන්ගෙන් සියයට 42ක් ඉන්දියාවෙන් වාර්තා වන බව පෙනහලු පිළිබඳ ඉන්දීය අන්තර්ජාල සඟරාවක් විසින් පළ කර ඇති නවතම අධ්‍යයන වාර්තාවක සඳහන් කර තිබේ. ඉන්දියාවේ ඇදුම රෝගීන්ගේ මරණ සංඛ්‍යාව වැඩි වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එරට ඇදුම රෝගීන්ගෙන් සියයට 90කට නියමිත ප්‍රතිකාර නොලැබීම නිසා බව එම අධ්‍යයන වාර්තාවෙහි සඳහන් කර තිබේ.

 ලොව පුරා රටවලින් මේ වන විට වාර්තා වී ඇති මිලියන 262ක් වන ඇදුම රෝගීන්ගෙන් සියයට 12.9ක් හෙවත් මිලියන 34.3ක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. සැම වසරකම ලොව පුරා හාරලක්ෂ හැට එක් දහසක් පමණ වන ඇදුම රෝගීන් සංඛ්‍යාවක් මිය යන බව අනාවරණය වී ඇති අතර ඉන් එක් ලක්ෂ අනූ අටදහසක් දෙනා වාර්තා වනුයේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ ඇදුම රෝගීන්ගෙන් බහුතරයකට ඉන්හේලර් ප්‍රතිකාරය නොලැබෙන බව පෙන්වා දෙන එරට ඇදුම පිළිබඳව සිදු කර ඇති මෙම අධ්‍යයනයෙහි ප්‍රධාන නියමුවකු වන වෛද්‍ය සුන්දීප් සල්වි පවසා ඇත්තේ මෙම තත්ත්වය දැඩි අවධානයක් යොමු කළ යුතු වන තත්ත්වයක් වන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment