පීඩාකාරි ඉරුවාරදය මට්ටු කරන චීන කටු ප්‍රතිකාර

121

සාංකාව, මානසික ආතතිය, නින්ද අඩුකම, කුසගින්න, දැඩි ආලෝකයට නිරාවරණය වීම සහ කාන්තාවන්ගේ හෝමෝන වෙනස්වීම නිසාද ඉරුවාරදය ඇතිවීමට බලපානු ලබයි.

හිසරදය අප කොයි කාටත් ජීවිතයේ කෙදිනක හෝ මතු වී ඇත. එනිසා එහි අත්දැකීම අමුතුවෙන් පැවසිය යුතු නැත. ඉරුවාරදය, සෙම් රෝග ආදී විවිධ හේතු නිසා බොහෝ දෙනාට නිතර නිතර හිසරදය මතු වේ.

ඇතැම් දෙනාට මෙම හිසරදය ඉතා බරපතළව දැනේ. එවිට ඔවුනට තම සාමාන්‍ය කටයුතු පවා සිදුකර ගැනීමට නොහැකි වීම නිසා දිවිහානි කර ගැනීමට පවා පෙළඹේ.

වර්තමානයේ තරුණ පිරිස අතර බහුලව පවතින හිසරදය තත්ත්වයක් වනුයේ ඉරුවාරදය හෙවත් කෝටරක ප්‍රදාහය (Sinusitis) රෝගයයි.

පීඩාකාරි ඉරුවාරදය මට්ටු කරන චීන කටු ප්‍රතිකාර

ඉරුවාරදය

මෙය සාමාන්‍ය හිසරදයක් ලෙස මෙන්ම දැඩි වේදනාව ගෙන දෙන රෝගයක් ලෙස හැඳින්විය හැකිය. හිසට අනිනවා මෙන් ඇතැම් අයට මෙහි වේදනාව හටගනී. එසේත් නැතිනම් විදුලි කොටනවා මෙන් ඇතිවී ඇසේ පෙනීමද අඩුවිය හැකිය. මොළයේ සෛල පාලනය කරන ජානවල බලපෑම නිසා සහ හිසට අවශ්‍ය රුධිර සැපයුමේ ඇතිවන වෙනස්කම් නිසා ද ඉරුවාරදය හට ගනී.

සාංකාව, මානසික ආතතිය, නින්ද අඩුකම, කුසගින්න, දැඩි ආලෝකයට නිරාවරණය වීම සහ කාන්තාවන්ගේ හෝමෝන වෙනස්වීම නිසාද ඉරුවාරදය ඇතිවීමට බලපානු ලබයි.

ඉරුවාරදයෙන් මිදෙන්න

ඉරුවාරදයෙන් මිදෙන්න දිනකට පැය 7ක් 8ක් වත් නිදාගත යුතුය. ශාරීරික හා කායික පීඩාවන්ගෙන් මිදිය යුතුය. මද්‍යසාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. කැෆේන් සහිත පාන වර්ග ගැනීම නොකළ යුතුය. කුළුබඩු, තිරිඟු හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආදිය පරිභෝජනය නිසාද ඉරුවාරදය ඇතිවිය හැකි බැවින් ඒවා බහුලව ගැනීමෙන් වැළකිය යුතුය.

චීන කටු චිකිත්සාව

ඉරුවාරදය සඳහා චීනයේ චෙංග් චූ සරසවියේ පර්යේෂකයෙක් වූ යෑංග් ෂොංග් ලියූ රෝගීන් 480 දෙනකු යොදාගෙන චීන කටු ප්‍රතිකාර ක්‍රමය අත්හදා බලනු ලැබීය. ඉන් ඔහු ලොවට ඔප්පු කළ දෙය වූයේ චීන කටු ප්‍රතිකාර මගින් ඉරුවාරදය සුවපත් කළ හැකි බවය.

මෙහිදී ඉරුවාරදය ඇතිවීමට බලපාන නිල ස්ථාන කිහිපයක් චීන කටු චිකිත්සාව මගින් තෙරපුමට ලක්කර සති 6ත් 8ත් අතර කාලයකදී රෝගය නිට්ඨාවටම සුව කිරීමට සමත් විය.

වර්තමානයේ ශ්‍රී ලංකාවේද චීන කටු චිකිත්සාව මගින් මෙම නිල තෙරපුමට ලක්කර ඉරුවාරදය සුවපත් කිරීමේ ප්‍රතිකාර කරනු ලබයි.

BAIHUI – (DU-20), HEGU – (LI4), SANYINJIAO (SP-6) SJ-21, AH-SHI POINT, SHAOCHOUG (H-9) ආදී නිල සහ EX-01 නමැති තෙවැනි ඇස (Third Eye) නමැති නිලය තෙරපුමට ලක්කිරීමෙන් ඉරුවාරදය සුවපත් වේ.

මෙම නිල තෙරපුම සඳහා මේ වනවිට ශ්‍රී ලංකාවේ රත්‍රන් කටුද (Gold Needle) යොදාගනී. ඊට අමතරව විද්‍යුත් උත්තේජක යන්ත්‍ර භාවිතය සහ ඇඟිලි තුඩු ආධාරයෙන් හිස දෙපස නිල සම්බාහනය කිරීමේ ප්‍රතිකාරය ද භාවිත කරනු ලබයි.

සෙම රෝග නිසා ඇතිවන ඉරුවාරදය සඳහා අදාළ නිලවලට කටු ප්‍රවේශ කිරීම විද්‍යුත් උත්ප්‍රේරක උපකරණ භාවිතය, කොස්මැටික් ඇපරේටස් උපකරණ භාවිතය මඟින් ඉතා කඩිනමින් ඉරුවාරදය සුවපත් කළ හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0714299777 ඇමැතිය හැකිය.

පීඩාකාරි ඉරුවාරදය මට්ටු කරන චීන කටු ප්‍රතිකාර

කළුබෝවිල ද සිල්වා පාර
ජය සමගි මාවත
කළුබෝවිල චීන කටු
වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ
මාධ්‍ය අධ්‍යක්‍ෂ
වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment