නියැන්ඩර්තාල් කාන්තාවක් 3 ඩී තුළින් යළි ඉපදෙයි

499

නියැන්ඩර්තාල් කාන්තාවක් ජීවත්ව සිටියදී ඇය කෙබඳු වනු ඇද්ද යන්න විදහා දැක්වීම සඳහා ප්‍රවීණ පුරාවිද්‍යාඥයන් විසින් 3 ඩී ආකෘතියක් ඇසුරින් විශිෂ්ට ලෙස ප්‍රතිනිර්මාණයක් කර ඇත. මේ අනුව නිර්මාණය වී ඇත්තේ අවුරුදු 40ක පමණ කාන්තාවකි.

ඉරාකයේ ගුහාවකින් හමුවූ හිස්කබලක් ආශ්‍රයෙන් මේ නිර්මාණය කර ඇති බව බීබීසී වෙබ් අඩවිය කියයි. කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ග්‍රේම් බාර්කර් පවසන්නේ නියැන්ඩර්තාල්වරු කෑම පිසිමින් එකට හිඳ ආහාර ගෙන ඇති බවයි. එය සමාජගතවීමේ ආරම්භය බව මහාචාර්යවරයා පවසයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment