ඉස්ලාමීය රජයක් පිහිටුවන බව තලේබාන් සටන්කාමීහු පවසති

1146

තලේබාන් අන්තවාදීන් විසින් පෙරේදා (15දා) දිනයේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බලය අල්ලා ගැනීමෙන් පසු ඊයේ (16දා) සවස වන විට මුළු  ඇෆ්ගනිස්ථානයේම බලය තහවුරු කරගත් බව නිවේදනය කළහ. ඇෆ්ගනිස්ථානයේ රජයේ හමුදා හා තලේබාන් අන්තවාදීන් අතර පැවති සටන් ද මේ අනුව ඊයේ දිනයේ අවසන් විය. නගරයේ පිහිටි ජනාධිපති මන්දිරයද සියතට ගත අන්තවාදීහු ඉදිරි දින කිහිපය තුළ රට තුළ විවෘත, ඉස්ලාමීය රජයක් පිහිටුවන බව පවසා තිබේ.

ඉස්ලාමීය රජයක් පිහිටුවන බව තලේබාන් සටන්කාමීහු පවසති

තලේබාන් අන්තවාදීන් විසින් කාබුල් නගරයේ බලය අල්ලා ගැනීමත් සමගම ඇෆ්ගනිස්ථාන් රටෙන් පැන ගිය ජනාධිපති අෂ්රෆ් ඝානි හා හමුදා නිලධාරීන් 100 දෙනකු පමණ රැුගත් යුද හමුදා ගුවන් යානා ටජිකිස්ථානයේ අගනුවර වන බොක්තාර් නගරයට ඊයේ දිනයේ ළඟා විය. තවත් විශාල පිරිසක් තලේබාන් පාලනයේ දරුණු බව දැනගෙන සිටීම හේතුවෙන් කාබුල1් ගුවන් තොටුපළෙන් වෙනත් රටවලට පලායමින් සිටින අතර එම පිරිසකට අන්තවාදීන් විසින් වෙඩි තැබීම හේතුවෙන් පස් දෙනකු පමණ මියගොස් ඇත. අන්තවාදීන් විසින් ඊයේ දිනය වන විට කාබුල් නගරයේ සියලූම ආරක්ෂිත මුර කපොලූ හා පොලිසිය හා හමුදාව විසින් පාලනය කරනු ලැබූ සියලූ කටයුතු සියතට ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි. තලේබාන් අන්තවාදීන් විසින් ඊයේ (16දා) දිනයේ කාබුල් නගරයේ මාර්ගවල වාහන හැසිරවීම, වාහන පරීක්ෂා කිරීම ඇතුළු සියලූ කටයුතු සිදුකර ඇති අතර නගරයේ බොහෝ කඩ සාප්පු වසා දමා ඇති බව වාර්තා වේ. අන්තවාදීන් විසින් කාබුල් නගරයට පිවිසි අවස්ථාවේ නගරවාසීන් විසින් දැක්වූ කලබලකාරී හැසිරීම ඊයේ වන විට දක්නට නොලැබුණු අතර බොහෝ මාර්ග ජනතාවගෙන් හිස්ව පැවතියහ. කාබුල් නගරයේ රැුඳී සිටින විදෙස් මාධ්‍යවේදීන්ට අනුව තලිබාන් අන්තවාදීන් නගරයේ බලය අල්ලා ගැනීම සම්බන්ධයෙන් ජනතාව බියට පත් වී සිටින අතර හෝටල්වල සංගීත වාදන කටයුතු පවා නතර කිරීමට අදාළ අංශ විසින් පියවර ගෙන තිබේ. කාන්තාවන් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන තලේබාන් අන්තවාදීහු ඊයේ දිනයේ කාබුල් නගරයේ ඇතැම් මහා මාර්ගවල කාන්තාවන් කිහිපදෙනකු මුහුණු ආවරණයක් (මාස්ක්) හා හිස පළඳනාවක් පැළඳ ගමන් කළද ඔවුන්ට එරෙහි වී නොමැති බව වාර්තා විය.

ඉස්ලාමීය රජයක් පිහිටුවන බව තලේබාන් සටන්කාමීහු පවසති


මේ අතර ලොව පුරා රටවල් රැුසක් තලේබාන් අන්තවාදීන් විසින් ඇෆ්ගනීස්ථානයේ බලය අල්ලා ගැනීම හෙළාදැක ඇති අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා ඊයේ රැුස්වීමට නියමිතව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment