ගුරුවර්ජනය සහ ගොවි උද්ඝෝෂණ දුරදිග යාමට හේතුව අගමැති පවසයි

349


ගුරුවර්ජනය සහ ගොවි උද්ඝෝෂණ මේතරම් දුරදිග ඇදිලා ගියේ ආණ්ඩුව දේශපාලන කටයුතුවලින් ඈත් වූ නිසායැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසූවේ අද පැවැති පොදුජන එක්සත් පෙරමුණ 05 වැනි සංවත්සරය වෙනුවේ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැති උළෙලේදීය.

ජනතාවගේ හඬ අපි තේරුම් ගන්න ඕනෑ. ඒ හඬ අපට ඇහෙන්න ඕනෑ. දේශපාලනයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න අපි පරාද කරපු බලවේග පටු වාසි ගන්න ජනතාව අතරට රිංගලා විශාල අවුල් ඇති කරනවා. ඒ නිසා පොදුජන එක්සත් පෙරමුණ මේ රටේ තහවුරු කරගන්න නම් පක්ෂයක් විදිහට ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්න ඕනෑ.

රජයේ බලධාරීන්ල නිලධාරීන් පමණක් අපි වෙනුවෙන් ජනතාවට සේවය කරයි කියලා බලා ඉන්න එපායැයිද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment