නිවසේ වාස්තු දෝෂ තියෙනවාද නැද්ද? – පරීක්‍ෂා කරන්නේ මෙහෙමයි

100

උගත්, බුද්ධිමත් වුණත් බොහෝදෙනෙකුට වරදින තැන මෙතැනය. දේවාල ගානේ බොරු කපුවන් හමුවීමට ගොස් නැති අණවින කොඩිවින කපා ලක්ෂ ගණන් මුදල් වියදම් කර ණයකරුවන් බවටද පත්වී කබලෙන් ළිපට වැටීමයි. ඒ සමග නෑදෑ හිතමිතුරන්ද අහිමි කරගනී. මේ කිසිම දෙයකින් ඵලයක් නැති වූ විට අවසානයේදී බොහෝ දේ විනාශවීමෙන් පසුව කවුරුන් හෝ මතක් කිරීමක් කළහොත් නිවසේ වාස්තු බලාගන්න කියා අවසාන තුරුම්පුව වශයෙන් යොදාගන්නේ නිවසේ වාස්තු පරීක්ෂාවයි.

“මේ ගෙදර නම් පුදුම ගෙදරක්. කොච්චර උදේ ඉඳන් රෑ වෙනකන් අස් කළත් මේ ගේ හැඩිවෙලා. මේ දැන් අතුගාලා කුස්සියට ගියා විතරයි. මට නම් මේ අස්කිරිල්ල කරන්න බෑ” ඒ ගෙදර ගෘහහිමි බිරිඳ. එයට පිළිතුරු වශයෙන් ගෘහ හිමියා හෙවත් ස්වාමියා “මම ඒකනේ කියන්නේ කවුරුහරි වැඩට කෙනෙක් ගන්න කියලා… ඔයාගේ පෙරේතකමට ඒකටත් කැමති නෑ”

“එක්කෙනෙක් නොවේ හතර දෙනෙක් ගත්තත් මේ ගේ පිළිවෙළට ඔයා එක්ක තියාගන්න බෑ. එක්කො දරුවෝ නැතිනම් ඔයා හැමදේම තැන් තැන්වල දමනවා.”

“අපි විතරක්ද ඔය ගස්වල කොළත් ගේ ඇතුළත සුළඟට ඇවිත් තියෙන්නේ”

“අර පහළ නිෂාලගේ ගේ තියෙනවා කවදාවත් මං දැකලා නෑ මෙහෙම අතුපතු ගාලා අස්කරනවා. ඒත් පේනවද ලස්සන. මේක නම් කරුම ගෙයක් තමයි.”

මේ එක්තරා නිවසක අඹුසැමියන් අතර කතාවකි. මෙම නිවස කොතරම් අස්පස් කර පිළිවෙළට තබාගත්තද එය මොහොතකින් හැඩිවීමක් හෙවත් අපිරිසිදුවීම, සුන්බුන් අපද්‍රව්‍ය සීසීකඩ පැතිරීමක් සිදුවේ.

මේ නිවස හා සම්බන්ධ තවත් සාකච්ඡාවක් කරන දෙදෙනෙකි.

“මම ඊයේ රෑත් අර හීනේ දැක්කානේ. දැන් නම් බයත් හිතෙනවා”

“ඒ මොකක්ද?”

“මේ ගේ ගිනි ගන්නවා ඊයෙත් මම දැක්කානේ. හීනෙන් දැන් කීප දවසක් දැක්කා. ඊට පස්සේ පාන්දර වෙනකන් මට නින්ද ගියෙත් නෑ”

ඒ සැමියා විසින් තමා රාත්‍රියේ දුටු සිහිනය විස්තර කළ ආකාරයයි. බිරිඳ පිළිතුරු කතාව ආරම්භ කරමින් මම ඔයාට කී දවසක් කීවාද අර වහලේ ළඟ කරන්ට් වයර් හැමතැනම කෑලි එල්ලෙනවා. බාස් කෙනෙක් ගෙනල්ලා ඕවා ටික අයින් කරලා අලුතින් වයර් ටික අදින්න. නැතිනම් හීනෙන් නොවේ හැබැහින් දවල්ට ගේ විතරක් නොවේ මාවත් ගිනි ගනී.

“හරි හරි මං ඒක මේ සතියේම කරවන්නම් කෝ”

මෙම සිදුවීම් බලනවිට එක ස්ථානයක ප්‍රායෝගිකව පියවි ඇසින් දකින දෙයක් හා අධ්‍යාත්මිකව මනසින් දුටු දෙයක් නිවස සම්බන්ධයෙන් පෙන්නුම් කරයි. මෙහි අර්ථයන් මොනවාද? මේවා විශ්වයෙන් ඔබ හට කරන පූර්ව දැනුම්දීම් වේ. කොතරම් පිරිසිදුව තබාගත්තද හැඩිවෙන නිවාස සම්බන්ධයෙන් දකින අශුභ සිහිනවල අර්ථය මෙම නිවසේ වාස්තු දෝෂ පවතින බවත් හැකි ඉක්මනින් ඒවා නිදොස් කරගන්නා ලෙස විශ්වයෙන් කරන අනතුරු හැඟවීම්ය. එදා ලංකාව විනාශයට පත්කරමින් දස දහස් ගණනක ජීවිත සංඛ්‍යාවක් අහිමි කළ සුනාමි ව්‍යසනයේදී යාල වැනි රක්ෂිතවල ජීවත් වුන මුහුද අසබඩ සතුන් එම ස්ථානවලින් ඉවත්ව ගියේ සතුන්ට දැනුන පූර්ව ඉඟි නිසාය. සුනාමිය පැමිණෙන්න මොහොතකට කලින් මුහුදින් යට වුණ වෙරළ තීරයේ ජල කඳ පිටුපසට ගියවිට එයට මෝඩ වුණ මිනිසුන් තමන්ට ලැබුණ බිම් කොටස හෙවත් මුහුදු සීමාවට මායිම් දමා ගැනීමට සැරසුනේය. විශ්වය මේ විනාශය දැක ඒ පෙන්නුම් කළේ පූර්ව අනතුරු හැඟවීමක්ය. එය අවබෝධ කරගැනීමට කිසිදාක අත්දැකීමක් නොලද අහිංසක මනුෂ්‍ය ජීවිත විනාශයට පත්විය. මේ වගේම තමයි අපි වාසය කරන නිවසෙහි හිමිකරුවන් වන විශ්වය විසින් මෙම නිවස විශ්වයට අනුකූල නොවන ආකාරයෙන් ඉදිකර ඇති බව වරින්වර පෙන්වා දේ. ඒවා විශ්වීය සංඥා වශයෙන් පෙන්නුම් කරයි.

නිවස නිතරම අපිරිසිදු වීම හෙවත් හැඩිවීම, නිවසේ නිතරම රණ්ඩු සරුවල්, සාමය බිඳවැටීම් සිදුවීම, නිවසේ පාළු ස්වභාවය, නිවසේ ඇති කරන සුරතල් සතුන් හදිසියේ අනතුරුවීම්, මරණයට පත්වීම්, එම සතුන් නිවස ඇතුළත මල මුත්‍රා කිරීම, මිදුලේ කුණු රොඩු දිනකට කීප සැරයක් අතුපතු ගෑමට සිදුවීම. නිවස සම්බන්ධයෙන් නිවස විනාශ වෙනවා, කඩාවැටෙනවා, ස්වභාවික විපත්වලට ලක්වෙනවා, ගහ මරාගන්නවා වැනි විවිධ සිහින දැකීම. නව නිවසක වුවද පදිංචි වී ඉතා කෙටි කලක් තුළදී බිත්ති ඉරිතැලීම, පිපිරීම, බිත්තිවල දියසෙවල වැනි පුස් වර්ග නිතර ඇතිවීම, වැසිවලට කොතරම් හොඳින් වහලය පැවතියද නිවසට වැසි වතුර වහලයෙන් වැටීම, සුළු වේලාවකට හෝ නිවස වසාගොස් යළි විවෘත කරන මොහොතේ අමිහිරි දුර්ගන්ධයන් දැනීම, පුස් ගඳ දැනීම, නිවසේ සාමාජිකයන් නිතර නිතර රෝගී බවට පත්වීම, ආර්ථික වශයෙන් සවිමත්ව සිටි බොහෝදෙනෙකු නව නිවසේ පදිංචියෙන් පසුව හදිසි අනතුරුවලට භාජනය වීම, අඹුසැමියන් අතර නිතර ගැටුම් රණ්ඩු සරුවල් ඇතිවීම, හූනන් නිතර කෑගැසීම, ආර්ථික වශයෙන් පහතට වැටීම, අධික වියදම හා ආදායම් මාර්ග නව නිවසට පැමිණි විගසම අහිමිවීම්, රැකියාවේ ගැටලු, රැකියාවෙන් පහ කිරීම, නොකළ අභූත චෝදනා, වැරදිවලට හසුවීම, සිහිනෙන් භය වීම, දූ දරුවන් අකීකරු වීම, අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගැනීම වැනි බොහෝ කරුණුද, දුන් ණය අයකර ගැනීමට ගත් ණය ගෙවා දැමීමට නොහැකිව ලීසිං වාරික අතපසුවීම්ද ඇතිවේ. මේවා බොහොමයක් සිදුවන්නේ හා තමන්ට අවබෝධ වන්නේ තමන් විශේෂයෙන්ම ඉතා හොඳ තත්ත්වයක සිට නව නිවසක් තනා පදිංචියට පැමිණි කෙටි කාලයක් තුළදීය.

මේ බොහෝ කරුණුවලින් ඔබ හට ඔබ නිවස සම්බන්ධයෙන් විශ්වය පූර්ව දැනුම් දීම් සිදුකරන්නේ මෙම නිවස වහාම පරීක්ෂාවට ලක් කරගන්නා ලෙසයි.

මෙවැනි තත්ත්වයන් හමුවේ බොහෝ දෙනකු කරන වැරදි ක්‍රියාවකි. වාස්තු දෝෂ සම්බන්ධයෙන් පොඩ්ඩක්වත් නොසිතා මෙවැනි දේට මුල්වන්නේ තමුන්ට කොඩිවින, හූනියම්, බන්ධන, මිනී අළු ඉසීම වැනි දේ සිදුකර ඇතැයි සිතා තම යාබද නිවසට නැතිනම් තම පාර්ශ්වයේ නෑදෑයන්ට, හිතවතුන්ට චෝදනා කිරීම ශාප කිරීම.

කොතරම් උගත්, බුද්ධිමත් වුණත් බොහෝදෙනෙකුට වරදින තැන මෙතැනය. දේවාල ගානේ බොරු කපුවන් හමුවීමට ගොස් නැති අනවින කොඩිවින කපා ලක්ෂ ගණන් මුදල් වියදම් කර ණයකරුවන් බවටද පත්වී කබලෙන් ළිපට වැටීමයි. ඒ සමග නෑදෑ හිතමිතුරන්ද අහිමි කරගනී. මේ කිසිම දෙයකින් ඵලයක් නැති වූ විට අවසානයේදී බොහෝ දේ විනාශවීමෙන් පසුව කවුරුන් හෝ මතක් කිරීමක් කළහොත් නිවසේ වාස්තු බලාගන්න කියා අවසාන තුරුම්පුව වශයෙන් යොදාගන්නේ නිවසේ වාස්තු පරීක්ෂාවයි. එයද මූල්‍යමය ලාභය වාසිය ගැන සිතා නමට වාස්තු ශිල්පීන් ලෙස අවබෝධයක් නැති වාස්තු ශිල්පියකුත් මුණගැසුණොත් තමුන් වළෙන් කඳුරු වළට වැටුණා වැනිය. ඒ නිසා නිවැරදි වාස්තු පරීක්ෂණයක් ඒ සම්බන්ධයෙන් දැනුමක් ඇති පුද්ගලයකු ලවාම පරීක්ෂා කරගත යුතු අතර එහිදී අනිවාර්යයෙන්ම නිවසේ සෑම බිම් අගලක්ම මිනුම් ගත කර නිවසේ දළ සැලැස්ම නිර්මාණය කර පවතින දෝෂ මොනවාද යන්න හා එසේ වීමට හේතු දත යුතුයි. විශේෂයෙන්ම නිවසේ වර්ගඵලය හා ඒ තුළින් සකස් කරන ගෘහ පිණ්ඩය පරීක්ෂාවට ලක්කර නිවසේ ගෘහ පොරොන්දම් පරීක්ෂා කළ යුතුමයි. නිවසේ නැකත හා නිවසේ බිරිඳ, සැමියා, වැඩිමහල් පිරිමි දරුවාගේ උපන් නැකැත් පරීක්ෂා කළ බලා නිවසේ පවතින නැකතට ගළපාගත යුතුයි.

නිවසේ වාස්තු දෝෂ තියෙනවාද නැද්ද? - පරීක්‍ෂා කරන්නේ මෙහෙමයි

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment