ශ්‍රීලනිප අවුලෙන් මැ.කො ඈත්වුණාලු

93

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින අභ්‍යන්තරික ගැටලු විසඳීමට සිය කොමිසමට කිසිදු නෛතික. බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පසුගිය 08දා කැඳවනු ලැබූ දේශපාලන මණ්ඩල රැස්වීම හා එහිදී සිදුකළ පත්කිරීම් සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මැතිවරණ කොමිසම දැනුම්වත් කොට තිබූ අතර, ශ්‍රීලනිප වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් ඒ සම්බන්ධයෙන් සිය විරෝධතා මැතිවරණ කොමිසම හමුවේ ගොනු කොට තිබිණි.

ඒ අනුව පසුගිය 18 දා රැස්වූ මැතිවරණ කොමිසම මෙම සියලු කරුණු සලකා බැලීමෙන් පසුව අදාළ තීරණය ගෙන ඇති බව සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසීය.

ඊට අමතරව පසුගිය 08 වැනිදා පැවැත්වූ දේශපාලන මණ්ඩලය නීත්‍යානුකූල නොවන බව ද එදින සිදුකළ සියලු පත් කිරීම් ද බලරහිත වනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment