කොමර්ෂල් බැංකුවෙන් CKDu අවදානමට මුහුණදෙන පවුල් 50කට ලීටර් 5000ක ජල ටැංකි පරිත්‍යාගයක්

34

කොමර්ෂල් බැංකුව විසින් ලීටර් 5000ක ධාරිතාවයෙන් යුත් ජල ටැංකි ගිරාඳුරුකෝට්ටේ හි ගින්නොරුව ප්‍රදේශයේ පවුල් 50කට පත්‍යාග කර ඇත.

ප්‍රභවය නොදන්නා නිදන්ගත වකුගඩු රෝගය (CKDu) පැතිරීයාමට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සහය ලබා දීම වෙනුවෙන් බැංකුව ලබා දෙන අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස මෙම පරිත්‍යාගයන් සිදු කරන ලදී.

මෙම ටැංකි වැසි ජලය රඳවා තබා ගැනීමට නිර්මාණය කර ඇති අතර, මෙමගින් සෑම පවුලකටම එම ප්‍රදේශයේ භූගත ජලයේ ඇති අහිතකර ද්‍රව්‍ය ශරීරගත වීමෙන් වැළකෙමින් මාස හයක් දක්වා පානීය ජලය හා ආහාර පිසීමේ ජල අවශ්‍යතා සැපයා ගැනීමට හැකි බව බැංකුව පවසයි.

මෙම පරිත්‍යාගය, 2016 වසරේ සිට කොමර්ෂල් බැංකුවේ සහායෙන් පවත්වන ‘Raindrops’ ව්‍යාපෘතියේ නවතම අදියර වේ. ජලයේ ගුණාත්මකභාවය අඩුවීම නිසා ඇතිවන වකුගඩු රෝග බහුලව පවතින ප්‍රදේශ වල භූගත ජලයට විකල්පයක් ලෙස වැසි ජලයේ සඵලතාවය පිළිබඳ සිදු කරන පර්යේෂණ මෙම ව්‍යාපෘතියට අඩංගු විය.

advertistmentadvertistment
advertistmentadvertistment