ඩිජිටල්කරණයේ අයෝමය ශක්තිය LOLC රන් සම්මානයෙන් පිදුම් ලබයි

20
LOLC ෆිනෑන්ස් කණ්ඩායම සම්මාන තිළිණ ලබාගනිමින්

Technnovation 2024 රන් සම්මාන පහක් ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI) වන LOLC ෆිනෑන්ස් පීඑල්සී නැවතත් ඩිජිටල් මූල්‍ය අවකාශයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් කරා ළඟා වෙමින් “LankaPay Technnovation Awards – 2024” සම්මාන ප්‍රදානයේදී විශිෂ්ට රන් සම්මාන පහක් හිමිකරගනු ලැබීය.

මෙම සුවිශේෂී ජයග්‍රහණය, ඩිජිටල් මූල්‍යකරණ ක්ෂේත්‍රයේ LOLC ෆිනෑන්ස්හි විශේෂඥතාවය සහ නවෝත්පාදන හැකියාව සවිමත් කරන අතර, මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සිය තත්වය තවදුරටත් සපථ කරයි.

වසර ගණනාවක් පුරා සමාගම, මූල්‍ය ඇතුළත් කිරීම් සහ පාරිභෝගික කේන්ද්‍රීයත්වයට ප්‍රමුඛත්වය ලබාදෙමින් මුදල් ගනුදෙනු (කාසි සහ නොට්ටු) රහිත ආර්ථිකයක් කරා ජාතිය දිරිගන්වන මුලපිරීම් රැසකට පුරෝගාමිත්වය සපයා ඇත.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික පරාක්‍රමය සහ නවෝත්පාදන සමරමින් ගෞරවනීය Technnovation Awards සම්මාන ප්‍රදානය තාක්ෂණික අභිවෘද්ධියේ සහ විශිෂ්ටත්වයේ පෙරගමන්කරුවන් නිරාවරණය කරයි. ප්‍රබල තරඟකරුවන් පෙළක් අතුරින් ඛධඛක්‍ ෆිනෑන්ස් රන් සම්මාන පහක් හිමිකරගනු ලැබීය.

ඩිජිටල්කරණයේ අයෝමය ශක්තිය LOLC රන් සම්මානයෙන් පිදුම් ලබයි

මෙම කීර්තිමත් සම්මාන අතරට මූල්‍ය අන්තර්ගතකරණය උදෙසා වසරේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය සඳහා වන රන් සම්මානය” JustPay ජාලය හරහා ගෙවීම් සිදුකිරීමෙහිලා විශිෂ්ටතම ජංගම යෙදවුම සඳහා වන රන් සම්මානය (බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩය) – iPay පාරිභෝගික පහසුව සැලසීමෙහිලා විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය සඳහා වූ රන් සම්මානය” ජනප්‍රියතම ඩිජිටල් ගෙවුම්කරණ නිපැයුම (පෞද්ගලික වාණිජ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩයේ අන්තර්ජාල සහ ජංගම බැංකුකරණ රන් සම්මානය iPay ඩිජිටල් ගෙවීම්කරණයේ විශිෂ්ටත්වය සඳහාවූ රන් සම්මානය (බැංකු නොවන මූල්‍ය ආයතන) එම සම්මාන වේ. මෙම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සිය සතුට පළකරමින් අදහස් දැක්වූ, LOLC ෆිනෑන්ස් සභාපති කොන්රඩ් ඩයස් මහතා; “Technnovation සම්මාන ප්‍රදානයේදී රන් සම්මාන පහක් දිනාගැනීම ඩිජිටල්කරණයේ විශිෂ්ටත්වය සහ පාරිභෝගික තෘප්තිය උදෙසා අපේ දැඩි කැපවීමට උපහාරයක් ලෙස සැලකිය හැකියි. මෙම ගෞරවයන් මගින් නවෝත්පාදන සහ මුල්‍ය ඇතුලත්කිරීම් දිවයින පුරා ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමියා ලෙස LOLC හි ස්ථාවරත්වය තහවුරු කරනවා යැයි කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment