චිලී පෙම්වතිය සමග කරපු අලූත්ම වැඬේ මෙන්න

472
chili1

කොරෝනා නිසා වෙඩින් එකත් කල් ගියා

ඔහු ව්‍යාපාරිකයෙක් කියන්නද? කලාකරුවෙක් කියන්නද? කොහොම වුණත් බොහෝ දෙනෙක් ඔහුව දන්නෙ කලාකරුවෙක් හැටියට. ඉතින් මේ කලාකරුවාට පහුගිය කාලයේ විවිධ සිදුවීම් බොහොමයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ අතර ඔහුගෙ ජීවිතයේ වටිනාම අවස්ථාවත් තවත් කාලයකට ඔහුගෙන් ඈතට යනව. මොනවද මේ සිදුවීම්?. චිලී ඔබට මේ විදිහට පිළිතුරු සපයාවි.

* චිලී අලූත් ව්‍යාපාරයකට අතගැහුවා කියල ආරංචියි?

ඔව්. මගේ ව්‍යාපාර කිහිපයක්ම තියෙනව. ඒ චිලී ඇඳුම් ව්‍යාපාරික ස්ථානය වගේම ගාමන්ට් ෆැක්ටරි එකකුත් වශයෙන්. නමුත් මේ අලූත් ව්‍යාපාරය මගේ පෙම්වතිය වන රීනාගෙ ආසාවට සහ කැමැත්තට සිදුවෙන දෙයක්. අපේ සම්බන්ධයටත් දැන් වසර දහයකට වැඩියි. ඒ කාලෙ ඉඳන්ම ඇය රූපලාවන්‍ය පැත්තට සම්බන්ධයි. ඒ ගැන ඉගෙන ගත්තා. තරගවලට සහභාගි වෙලා සම්මාන පවා ලබාගෙන තියෙනවා. ඒ දේවල් එක්ක මංගල උත්සව සඳහා රිනීට ආරාධනා ඇවිත් තිබුණා. පොඩි පොඩි වැඩ ටිකකුත් කළා. වැඩිපුර වැඩ එන්න පටන්ගත්තට පස්සෙ සැලෝන් එකක අවශ්‍යතාව දැනුණ නිසා ඇයගෙ ඉල්ලීමට තමයි වත්තල ප‍්‍රදේශයේ අලූත් ව්‍යාපාරය පටන් ගන්න හිතුවෙ.

* කලා කටයුතු නතර වුණ නිසාද ඉක්මන් වුණේ?

නැහැ. කොරෝනා එන්න කලින් ඉඳන්ම අපි අවශ්‍ය උපකරණ ගෙනත් මේ ගැන සැලසුම් කරගෙන හිටියේ.

* වෙඩින් එකත් කල් ගියා නේද?

chili2ඔව්. සැප්තැම්බර් මාසයේ විවාහ වෙන්න තමයි සැලසුම් කර ගෙන හිටියෙ. දෙසිය පනහකට විතර ආරාධනා කරල අවම මට්ටමින් උත්සවය ගන්න හෝටලය පවා වෙන්කරගෙන තිබුණෙ. නමුත් රටේ තත්ත්වය හරස් වුණා. රීනිගෙ දෙමව්පියො ඉන්නෙ යුරෝපයේ. එයාල ආවොත් ආපහු යන්න බැරි වෙන තත්ත්වයක් ඇතිවෙයි කියල ලබන වසරට කල් දැම්මා. තවම ස්ථීර දිනයක් නැහැ.

* අලූත් නිර්මාණ?

අලූතින් ගීතයක් කරල තියෙනවා. ඒකෙ වීඩියෝ එක කරන්නත් දින දාගෙන හිටියෙ. නමුත් කල්දාන්න සිද්ධ වුණා. කොහොම වුණත් ළඟදීම ඒ වැඩකටයුතු පටන් ගන්නයි අදහස් කරන්නෙ.

* හැමදේම කල්දාන්න වෙනව?

ඔව්. නමුත් මම ඒ ගැන කලකිරෙන්නෙ නෑ. මේ හැමදේකම යථාර්ථය තේරුම් ගන්න තියෙන කාලයක්. මං කොහොමත් කලබලකාරයෙක් නෙමෙයි. මේ ලෝකය දුවන වේගෙට වඩා වේගයෙන් දුවන්න මට උවමනා වුණේ නැහැ. අනික මම ගායනයෙන් පමණක් ජීවත් වුණ කෙනෙක් නොවෙන නිසා ඉවසීමෙන් මගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් වුණා. සමහර දේවල් හොඳ පැත්තට සිද්ධ වුණ කාලයක් කියලත් කියන්න පුළුවන්.

* රංගන කටයුතු?

මම මේ අවුරුද්දෙ චිත‍්‍රපටයක නිෂ්පාදන කටයුතුවලට අතගහන්න ආසාවෙන් හිටියෙ. පිටපත ලියන්න ලාල් ප‍්‍රියදේව මහත්මයාට බාරදීලා තිබුණෙ. ඒ කටයුතුත් සැලසුම් කරන අතරතුර තමයි මේ තත්ත්වය උදා වුණේ. ඉතින් මම හිතුවා මේක සුදුසු කාලය නෙමෙයි කියලා. කාලෙකට කලින් මම ‘තරු පිරි අහස. කියල ටෙලි නාට්‍යයක රඟපෑවා. එකෙ අධ්‍යක්‍ෂ ලක්‍ෂමන් පුෂ්පකුමාර අයියා මට කතා කළා අලූත් ටෙලියකට. ව්‍යාපාර කටයුතුත් එක්ක ඒකට භාර ගන්න බැරි වුණා. නමුත් මම ලක්‍ෂමන් අයියාට කිව්වා ආයෙත් හොඳ වැඩක් තිබුණොත් මම සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවා කියල.

* රී චිලී ව්‍යාපාරයට මොකද වුණේ?

රී චිලී ව්‍යාපාරයත් බොහොම ඉවසීමෙන් සෙමින් යනව. අලූත් තැනකට ගිහින් ව්‍යාපාරය පුළුල් කරන්න තමයි හිතාගෙන හිටියෙ. මේ තත්ත්වයත් එක්ක තව අවුරුදු දෙකකටවත් කල් දාන්න සිදු වෙනව.

* විවාහය ඉක්මන් කරන්න රීනාගෙන් බලපෑමක් නැද්ද?

මම රිනීට කිව්වා පනහකට හරි කමක් නෑ එන්න කියල අපි පොඩියට උත්සවය ගමු කියල. ඒත් එයා පවුලේ එකම ළමයා නිසා අම්මා තාත්තා ආසාවෙන් ඉන්නෙ එයාලගෙ නෑදෑයොත් සහභාගී කරගෙන උත්සවය ගන්න. ඇයත් කැමතියි ටිකක් පිළිවෙළට වැඩ ටික කරන්න. මම දැන් ඒ කැමැත්තට ඉඩ දීලා ඉන්නවා.

* අලූත් ගීතයේ විස්තර?

අලුත් ගීත කිහිපයක් කළත් මගේ හිතට අල්ලන ගීතයක් ලැබුණෙ නැහැ. ඉන් පස්සෙ මම දිලීප සාරංගට කතාකරල කිව්වා මට මෑෂප් එකක් කරල දෙන්න කියල. එතනදී සාරංග මල්ලි කිව්වා එයා කරපු නිර්මාණ කිහිපයක් මට එවන්නම් කියල. ඔහු එවපු නිර්මාණ අතර තිබුණ මගේ හිතට අල්ලපු එක ගීතයක් සාරංග මුදලක් අයනොකරම මට දුන්නා. ඉන් පස්සෙ පසන් ලියන ගේ එක්ක රෙකෝඩින් එක කළා. ඉදිරියේදී රැුප් ගායනයට තව අලූත් ගායිකාවන් කිහිප දෙනෙක් එකතුකරගන්නත් බලාපොරොත්තු වෙනවා.

* සංගීත කණ්ඩායම නැවතත් පටන්ගන්නවාද?

අපි බලමු ඉදිරියේදි. මොකද රීනිගෙ ව්‍යාපාරයත් වෙඩින් වලට සම්බන්ධ නිසා ඒකත් එක්කම එකතුවෙලා ඉදිරියේදී වැඩිදියුණු කරන්න අදහසක් තියෙනව.

* ව්‍යාපාර නිසා කලාව අතහැරෙයිද?

නෑ… නෑ… එහෙම වෙන්නෙ නැහැ. කලාව විතරක් කරගෙන හිටියනම් මේ වෙනකොට මම අමාරුවේ වැටිලා. ගායනය” රංගනය කරන්නෙ ඇත්තටම කලාවට තියෙන ආසාව සහ ආදරය නිසා.එහෙමයි කියල ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙන්න මගේ අදහසක් නෑ. මං රීනිටත් කියන්නෙ ගොඩක් ශාඛා පිහිටුවාගෙන මහන්සි වෙන්න ඕන නෑ”ඔයාට අවශ්‍ය මට්ටමින් අවහිර නොවෙන විදිහට ඒ කටයුතු කරගන්න කියල. එහෙම නැතිව ඒ මත්තෙම හැපිල මහන්සි වෙලා ව්‍යාපාර එක්කම නාකි වෙන්න මම කැමති නැහැ. කලාවට ව්‍යාපාරවලට වඩා පුද්ගලික ජීවිතයයි රැුකගන්න ඕන. *



මහෙෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment