පන්ජාබ් වී ගොවිතැනට නොමිලේ විදුලිය

149

පන්ජාබ් ප්‍රාන්තයේ වී ගොවිතැනට කාලගුණ විපර්යාස නිසා ජලය නොමැති කමින් සිදුවන වගා හානි වැළැක්වීමට එම ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත. ඒ අනුව නළ ජල සැපයුම සදහා ගොවීන්ට පැය 12ක් පුරා නොමිලයේ විදුලි සැපයුම ලබාදීමට කටයුතු යොදා තිබේ. වගා කටයුතු කරන කාලයට දින පතා ගොවිතැනට අවශ්‍ය නළ ජලය ලබා ගැනීමට දිනපතා පැය 08ත් 12ත් අතර කාලයක් නොමිලේ විදුලිය ලබා දීමට ජන්ජාබ් රජය ගොවි ජනතාවට පොරොන්දු වී ඇත. නව ජල සැපයුම නොමැති ගොවීන්ට ඇළ මාර්ග ඔස්සේ ජලය ලබා දීමට ද ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත. මේ අනුව දැන් තමුනට නිසි ලෙස ගොවිතැන් කටයුතු කර ගත හැකි බව ප්‍රාන්ත ගොවීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment