කැත්ලීන් කුණාටුව බ්‍රිතාන්‍යය කළඹයි

506

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බි්‍රතාන්‍යයේ ගුවන් ගමන් 140ක් පමණ අවලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පැයට කිලෝ මීටර් 70 වැඩි වේගයෙන් හමායන ‘කැත්ලීන්’ කුණාටුවත් සමග පවතින තද සුළං තත්ත්වය සහ උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අනතුරු ඇඟවීමේ නිවේදන අනුව එම ගුවන් ගමන් අවලංගු කර ඇත.

මෙම අයහපත් කාලගුණය නිසා ස්කොට්ලන්තයේ දුම්රිය සහ බෝට්ටු සේවාවලට ද බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුළං තත්ත්වය හේතුවෙන් එංගලන්තයේ වයඹ හා නිරිත දිග ප්‍රදේශවලට සහ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය යන කලාප සඳහා ද දැඩි බලපෑම් එල්ල වී තිබේ.

පැයට කිලෝ මීටර් 150ක පමණ ප්‍රබලම සුළි සුළං වාර්තා වූයේ ස්කොට්ලන්ත කඳුකරයේ කඳු මුදුනක් වන කෙන්ගෝම් ප්‍රදේශයටය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment